ඉදිරියේදි මෙරට සියලුම බන්ධනාගාරවල නිලධාරින් හා රැඳවියන් අහඹු පි.සි.ආර් පරික්ෂණ සිදු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
බන්ධනාගාරය තුළදි යම් ආසාදිතයෙකු හමුවුවහොත් බන්ධනාගාර ජනගහනයට ඉන් බලපෑමක් නොවන පරිදි ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.