තමා දැනටමත් ජයග්‍රහණය ලබා ඇතැයි ප්‍රකාශ නොකළද, සියලු ඡන්ද ගණන් කළ විට තමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වනු ඇතැයි විශ්වාස බව ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂ ජෝ බයිඩන් නිවේදනය කරයි.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය සමූහ ඡන්ද (electoral votes) 270ක් අවශ්‍ය වන අතර, තීරණාත්මක ප්‍රාන්ත කිහිපයකම තවමත් ඡන්දය ගණනය කරමින් තිබුණද ඇමෙරිකානු හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉදිරිපත් කරන පූර්ව මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයන් අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අභිභවමින්, ජෝ බයිඩන් ඉදිරියෙන් සිටියි.
ඒ අනුව සී.එන්.එන්. ප්‍රතිඵල විශ්ලේෂණය අනුව මේ වනවිට බයිඩන් වෙත සමූහ ඡන්ද (electoral votes) 253ක් සහ ට්‍රම්ප් වෙත 213ක් හිමිව තිබේ. නිව්යෝක් ටයිම්ස් ප්‍රතිඵල විශ්ලේෂණය අනුව බයිඩන් වෙත සමූහ ඡන්ද 253ක් සහ ට්‍රම්ප් වෙත 214ක් හිමිව තිබේ. බීබීසී. ප්‍රතිඵල විශ්ලේෂනය අනුව බයිඩන් වෙත සමූහ ඡන්ද 243ක් සහ ට්‍රම්ප් වෙත 214ක් හිමිව තිබේ.
ඩිමොක්රටික් පාක්ෂිකයන් ජනතාවට හිරිහැර නොකරන පිරිසක් බව පවසා සිටි බයිඩන්, සියලු ඇමෙරිකානුවන් එකාවන්ව නැගී සිටින ලෙසද කියා සිටියේය.
මේ අතර බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරය, ඔහු ජයග්‍රහණය කරා යන බව ප්‍රකාශ කිරීමේ තවත් පියවරක් ලෙස බලය හුවමාරු වන සංක්‍රාන්ති කණ්ඩායම් වෙබ් අඩවියක්ද දියත් කර තිබේ. එය BuildBackBetter යන තේමාවෙන් ඉදිරිපත් කර ඇත.