තවමත් ඩිමොක්රැටික් පක්ෂයට ජයග්‍රහණයක් ප්‍රකාශ කළ නොහැකි වුවත්, සංඛ්‍යා අනුව ජයග්‍රහණය පිළිබඳ පැහැදිලි ඒත්තු ගැන්වීමක් පවතින බවත්, මෙම තරගය ජයග්‍රහණය කළ හැකි බවත් ඩිමොක්රැටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පවසයි.
බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් ඩෙලවෙයාර් හි විල්මින්ටන් සිට ඇමෙරිකානු ජනතාව අමතමින් මෙම අදහස් පළ කළාය. ඔහුගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ද වේදිකාව පසෙකින් සිටියාය.
"අපට තවමත් ජයග්‍රහණය පිළිබඳ අවසන් ප්‍රකාශයක් කළ නොහැකියි. නමුත් සංඛ්‍යා අපට පවසන්නේ එය පැහැදිලි බවයි. අපි මේ තරගය ජය ගන්නවා. ඊයේ සිට සිදුවී ඇති දේ දෙස බලන්න. අපි පැය 24කට කලින් ජෝර්ජියාවේ පසුපසින් සිටියා. දැන් අපි ඉදිරියෙන් සිටිනවා. අපි ඒප්රාන්තය ජය ගන්නවා. පැය 24කට පෙර අපි පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පසුපසින් සිටියා. අපි පෙන්සිල්වේනියාවත් ජය ගන්නවා. අපි දැන් ඉදිරියෙන් සිටිනවා. අපි ඇරිසෝනා හි ජයග්‍රහණය කරනවා. අපි නෙවාඩා හි ජයග්‍රහණය කරනවා. ඇත්ත වශයෙන්ම අපගේ නායකත්වය නෙවාඩා හි අප දෙගුණයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. අපි ඡන්ද සමූහ (electoral college) 300කට වඩා බලාපොරොත්තු වෙනවා. රටම අප සමග සිටින නිසා, අපි පැහැදිලි බහුතරයකින් මේ තරඟය ජයග්‍රහණය කරමින් සිටිනවා." බයිඩන් කියා සිටියේය.
මේ අතර ඇමෙරිකාව තුළ නව කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් තමා දැනටමත් සාකච්ඡා ඇරඹූ බවද බයිඩන් කියා සිටියේය. එසේම ඇමෙරිකාව වසංගතය හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවද බයිඩන්ගේ කතාවෙන් ගම්‍ය වන බව විදෙස් වාර්තා ඉස්මතු කළේය.
"ඊයේ හැරිස් සහ මම මහජන සෞඛ්‍යය හානිය හා මේ රට මුහුණදී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔබ දන්නා පරිදි වසංගතය රට පුරා වඩාත් කනස්සල්ලට පත්වන ආකාරයෙන් පැතිර යනවා. ආසාදන අහස උසට ඉහළ යමින් තිබෙනවා. දෛනික ආසාදන 200,000ක් පමණ අපට ඉදිරියේදී දැකගැනීමට ලැබේවි. ජීවිත 240,000ක් අහිමි වෙලා. ඇමෙරිකාව පුරා හිස් පුටු 240,000ක්." බයිඩන් පැවසීය.
බයිඩන් මෙසේ කතා කළේ එක්සත් ජනපදය දෛනික නව කොරෝනා වෛරස් ආසාදන 125,000 ඉක්මවා යන නවතම වාර්තාවකින් පසුවය. ඔහු දැන්ම ට්‍රම්ප්ට වඩා වෙනස් හා ජනතාවට සමීප වෙමින් මෙම අර්බුදය විසඳීමට උත්සාහ කරන ආකාරයක් ඉහත ප්‍රකාශ තුළින් දැකිය හැකි බව විචාරකයෝ පවසති.
"අපි දෙදෙනාමගේම ආතතිය ඉහළයි." බයිඩන් කියා සිටියේය. "උද්වේගකර මැතිවරණයකින් පසු එය ඉහළ මට්ටමක පැවතිය හැකියි. මේ දැන් අප මුහුණදුන් මැතිවරණය වගේ. නමුත් අප මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. එනම් අප සන්සුන්ව සිටිය යුතුයි. ඉවසිලිවන්තව සිටිය යුතුයි. සියලු ඡන්ද ගණන් කිරීමට ඉඩහැර මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදිය යුතුයි." බයිඩන් වැඩිදුරටත් කියා සිටියේය.