එක්සත් ජනපදය විසින් නිපදවන ලද නොවාවාක්ස් එන්නත් මාත්‍රා මිලියන 60 ක් සඳහා එක්සත් රාජධානිය ඇණවුම් කර ඇති අතර, එය මේ දක්වා සායනික අත්හදා බැලීම්වලදී 90%ක කාර්යක්ෂමතාවයක් පෙන්වා ඇති බව කියයි.
මෙම එන්නත සඳහා තවමත් නියාමන අනුමැතිය ලැබී නොතිබුණත්, එංගලන්තයේ ඊසානදිග කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන මෙම එන්නත මිල දී ගැනීමට රජය පියවර ගෙන තිබේ. ලබන අප්‍රේල් මාසය වනවිට එය සූදානම් වනු ඇති බව විශ්වාසයයි.
සායනික අත්හදා බැලීම්වලදී නොවාවැක්ස් එන්නත් මාත්‍රාව කොවිඩ්-19 ට එරෙහිව සමස්ත කාර්යක්ෂමතාව 90%ක් මෙන්ම එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් ප්‍රභේදයට එරෙහිව 86%ක ආරක්ෂාවක් සහ දකුණු අප්‍රිකාවේ සොයාගත් ප්‍රභේදයට එරෙහිව 60%ක ආරක්ෂාවක් පෙන්නුම් කර තිබේ.
වයස අවුරුදු 84ක් දක්වා එක්සත් රාජධානියේ වැඩිහිටියන් 15,000ක් පමණ නොවාවැක්ස් සායනික අත්හදා බැලීම්වලට සහභාගී වූ අතර, එසේ සහභාගී වූවන්ගෙන් තුනෙන් එකක් පමණ වයස අවුරුදු 65ට වැඩි අය වූහ.
මෙම සෑම එන්නතකටම ඇ.ඩොලර් 16 ක් වැය වන අතර, නොවාවැක්ස් විකල්පය ඔක්ස්ෆර්ඩ් -ඇස්ට්‍රාසෙනෙකා එන්නතට වඩා මිල අධික වන නමුත් ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා එන්නත් මාත්රාවන්ට වඩා ලාභදායී බව කියයි.