අවම වශයෙන් ජනගහනයෙන් 70%කටවත් කොවිඩ්-19 මර්දන එන්නත ලබා දෙනතුරු කොවිඩ්-19 වසංගතය අවසන් නොවන බව යුරෝපා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂවරයා අනතුරු අඟවයි.
"එන්නත ලබා ගැනීමේදී අවම වශයෙන් ජනගහනයෙන් 70%ක් ආවරණය කිරීමෙන් පසු වසංගතය අවසන් වනු ඇති" ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්යක්ෂ හාන්ස් ක්ලූජ් පැවසුවේ යුරෝපයේ එන්නත් කිරීමේ වේගය තවමත් මන්දගාමී අදියරක පවතින බවය.
මේ වනවිට ලොවපුරා කොවිඩ්-19 මර්දන එන්නත් 1,809,000,000කට අධික ප්‍රමාණයක් ලබාදී ඇති අතර, එන්නත්කරණයේදී වැඩිම වේගයක් චීනය පෙන්වා තිබේ. ඉන් අනතුරුව ඇමෙරිකාව ජනගහනයෙන් වැඩි පිරිසකට එන්නත් ලබාදී තිබේ.
කෙසේ වෙතත් ලොව දුගී රටවල් රැසක් තවම එන්නත්කරණයේ දැඩි පසුගාමී ස්ථාවරයක් පෙන්වන අතර, ඉන්දියාවේ වසංගතය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන සුපුරුදු වේගයෙන් ක්‍රියාත්මක නොවීමද ඊට බලපා තිබේ.