රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය ප්‍රචාරයක් කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ලෙස පෙනී සිටි රජිව් යසිරු කුරුවිටගේ මැතිව් යන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයක ප්‍රතිඵලයකින් පසුව සැකකරු ඊයේ (07දා) සවස අත්අඩංගුවට ගත් බවද ඔහු පැවැසීය.
රජයේ වෙබ් අඩවි සඳහා එවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොතිබුණ බවත් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.