කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් එරටට පැමිණීමට ප්‍රථමව කොවිඩ් 19 වැළදී නොමැති බවට තහවුරුවක් ලබාගත යුතු අතර එම පරික්ෂණ වාර්තාවේ අනිවාර්යයෙන් අඩංගු විය යුතු කරුණු පිළිබඳව සයිප්‍රස් රජය විසින් දැනුම් දී තිබේ.
01 සාම්පල ලබාගත් දිනය
02 පරීක්ෂණාගාර වාර්තා ක්‍රමවේදය (RT-PCR විය යුතුයි)
03 ඉල්ලුම්කරුගේ නම
04 පරීක්ෂණ ප්‍රතිඵලය
RT-PCR පරීක්ෂණයට අමතරව කොවිඩ් 19 වැළදි ඇත්දැයි පරික්ෂා කිරීමට සිදුකරන වෙනත් ප්‍රතිදේහ/ප්‍රතිදේහ ජනක පරීක්ෂාවන් වලංගු නොවන බවත්, ඉහත තොරතුරු අඩංගු නොවන අසම්පූර්ණ පරීක්ෂණාගාර වාර්තා සයිප්‍රස රජය මගින් පිළිනොගන්නා හෙයින් විදේශිකයන්ට එරටට ඇතුළත්වීමට අවසර ලබානොදන බවත් සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය දන්වා සිටියි.