යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ආරක්ෂිත හා ඵලදායී එන්නතක් බව පැවසීමෙන් පසුව සයිප්‍රසය, ඉතාලිය, ස්පාඤ්ඤය හා ප්‍රංශය එම එන්නත නැවත ලබාදීමට සැලසුම් කළ බව නිවේදනය කර තිබේ.
ඒ අනුව අදළ නිර්දේශය අනුව ඉතාලිය සහ සයිප්‍රසය ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද (19දා) සිට ලබාදීම නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, 2021 මාර්තු 15 වැනි දින නිකුත් කරන ලද එන්නත් කාණ්ඩ භාවිතය සම්බන්ධයෙන් පූර්වාරක්ෂාව මත එම එන්නත් ලබාදීම අත්හිටුවීම සඳහා හේතු තවදුරටත් නොපවතින බව ඉතාලියේ ඖෂධ නියාමකයා වන AIFA පවසා තිබේ.
මේ අතර ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍ය කැරොලිනා ඩාරියාස් කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම ලබන බදාදා යළිත් ආරම්භ කරන බවය.