තම සේවකයන් දෙදෙනෙක් සම්බනධයෙන් පෞද්ගලික රෝහලකින් කළ පී.සී.ආර්. පරික්ෂණ දෙකක් ඔවුන් කොවිඩ් ධනාත්මක බවට මුලින් ලබාදුන් වාර්තාව අත්වැරදීමක් බව එම රෝහල පැවැසූ බවට සියැට් කැළණි හෝල්ඩිංග්ස් නිවේදනය කරයි.
ඒ අනුව තම සේවකයන් දෙදෙනා කොවිඩ් සෘණාත්මක වී ඇති නමුත් තම පරිශ්රය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව නැවතත් සමගමේ පරිපාලන කාර්යාල විවෘත කරන බවත් සමාගම නිවේදනය කරයි.
සමාගමේ නිෂ්පාදන කර්මාන්තශාලා වල සේවකයන් අලෙවි නිලධාරීන් පී.සී.ආර්. පරික්ෂාවට ලක්කළ බවත් ඔවුන්ද සෘණාත්මක වී ඇති බවත් සමාගම වැඩිදුරටත් නිවේදනය කරයි.