රටපුරා විසිරී ඇති නගර 100ක් හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කරමින් එම නගර ක්‍රමවත් ලෙස අලංකරණය කිරීම සඳහා සියක් නගර වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර අදාළ යටිතල පහසුම් සැපයීමේ වගකිම් පැවරී ඇති රජයේ සියලු ආයතන හා අනෙනකුත් සියලුම පාර්ශ්වයන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අසංවිධිත සංවර්ධනය හේතුවෙන් රටපුරා විහිදී ඇති ඇතැම් දෙවැනි හා තෙවන මට්ටමේ නගර කළක සිට අපිළිවෙළ, අවලක්ෂණ හා මහජනයාට පීඩාකාරී නගර ලෙස පවතී.
එම නගර බොහෝමයක් ක්රමානුකූල සැලැස්මකට හා වැඩපිළිවෙළකට අනුව අවශ්‍ය පියවර ගැනීම තුළින් මහජනතාව සඳහා හිතකාමි, ප්‍රසන්න නගර බවට පරිවර්තනය කිරීමට මේ හරහා අපේක්ෂා කෙරේ.