කොරෝනා වසංගතයත් සමග මෙරට ප්‍රසිද්ධ වෙරළ තිරයන් ගංගාවල මෝයකටවල්, ධිවර වරායන් වෙළද වරායන් ආශ්‍රිතව පොලිතින් ප්ලාස්ටික් ඝණ හා ද්‍රව අපද්‍රව්‍ය බැහැරවිම පිළිබද සමික්ෂණයක් කිරිමට සැලසුම්කොට ඇති බැව් සමුද්රජිවි පරිසර ආරක්ෂන අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි.
කොරෝනා වසංගතයත් සමග පොලිතින් ප්ලාස්ටික් සහ ඝණ අපද්‍රව්‍ය වෙරළ තිරයන්ට හා ජලතලයට බැහැරවන ප්‍රමාණය අඩු වි ඇති බවට තමන් විශ්වාස කරන බවත් එහි වාර්තමාන තත්වය පිළිබද නිගමනයක් ලබා ගැනිම සදහා මෙම සමික්ෂණය සිදුකරණ බවද ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා මෙසේද කිවේය.
"කොරෝනා වසංගතයට පෙර ප්‍රසිද්ධ වෙරළ තිරයන් මෝය කටවල් ආශ්‍රිතව කාර්මික ජනපද ආශ්‍රිතව හා ධිවර වරායන් හා වෙළද වරායන් ආශ්‍රිතව ජල දුෂණය හා වෙරළ දුෂණයන් පිළිබද දත්ත අපි ළග තියෙනවා.
කොරෝනා වසංගතයත් සමග මෙකි ස්ථානවල ජල දුෂණය හා වෙරළ දුෂණය පිළිබද දත්ත ලබාගෙන ඒ ගැන විමර්ශනයක් කොට වර්තමාන තත්වය හදුනා ගැනිම තමයි මෙම සමික්ෂණයේ අරමුණ. සමික්ෂණය කරණ නිලධාරින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරලා තහවුරු කොට තමයි මෙම සමික්ෂණය සිදුකිරිමට බලාපොරොත්තු වන්නේ. කැළණි හා කළු ගංගා ආශ්රිත මෝය කටේ ජල දුෂණ තත්වය. බැරලෝහ පිළිබද තත්වයන් ගැන සමික්ෂණය කරණවා.
ත්‍රිකුණාමලය, යාපනය,නිලාවෙලි මිගමුව දෙහිවල වැල්ලවත්ත හික්කඩුව බේරුවල, උණවටුණ අංහගම, මිරිස්ස පොල්හෙන, මාතර, හම්බන්තොට, තංගල්ල කිරින්ද පරෙවි වැල්ල ඇතුළු ප්‍රසිද්ධ වෙරළ තිරයන් පිළිබද මෙම සමික්ෂණය සිදුකිරිමට බලාපොරොත්තු වනවා" යැයි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා සදහන් කළේය.
