සමාජ මාධ්‍ය හරහා තොරතුරු ප්‍රචාරය වීමෙන් ජනතාව කලබලයට
යම්කිසි සිදුවීමක් පිළිබඳව මූලික තොරතුරක් ලැබුණ විට ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හෙතුවෙන් ජනතාව අනිසි කලබලයට පත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඒ අනුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය හා පොලිස් හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයින් කරන දැනුවත් කිරීම් පිළිබඳව පමණක් අවධානය යොමුකරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
“ජනතාව මූලික තොරතුරක් ලබා දුන් විට ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තහවුරු කිරීම් හා උපදෙස් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගත වන බැවින් ඒ අතරතුර සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීම නිසා ජනතාව අනිසි කලබලයකට පත් වන බැවින් සියලු තොරතුරු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය හා පොලිස් හා ත්‍රිවිධ හමුදා ප්‍රකාශකයින් අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තරයෙන් කරන බැවින් ඒවාට පමණක් අවධානය යොමු කරන්න.”

popular news
-
Kumar Saturday, 04 May 2019 07:28 PM
පළමුවෙන්ම ඔබතුමාලා කලයුත්තේ මහජන විශ්වාසය දිනාගැනීමයි. පසුගිය සිද්ධීන් නිසා ඒ විශ්වාසය සම්පුර්ණයෙන් පිරිහිලා තිබෙන්නෙ. එයට හේතුව ඔබල දැනුවත්ව තිබියදීත් පසුගිය පාස්කු දිනයෙ සියගනනක ජීවිත් නැතිවීමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

