සමාජ දුරස්ථභාවය තබාගෙන උද්ඝෝෂණ පැවැත්වීම වරදක් නොවන බවත්, එසේ උද්ඝෝෂණ පවත්වන්නේ නම් ඒ වෙනුවෙන් සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව ඉදිරියේදී ප්‍රකාශ කළ හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා 'අද' ට පැවසීය.
උද්ඝෝෂණ, උත්සව, සැමරීම් ආදී මේ සියල්ල සඳහා සමාජ එකතුවීම් සීමාකර ඇත්තේ කෝවිඩ් -19 වසංගතය පැතිර යාම සීමා කිරීමේ අරමුණෙන් බවත්, මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
උත්සව සහ දේශපාලන රැස්වීම් සඳහා සහභාගි විය හැකි උපරිම පිරිස 100ක් වන අතර ආගමික ස්ථානවල සහභාගි විය හැකි උපරිම ප්‍රමාණය 50ක් ලෙස දක්වා ඇති සීමා ඉවත් කරන දිනයක් තමන් පැවසිය නොහැකි බවත් අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
මේ වනවිට ජනතාව කෝවිඩ් -19 වසංගතය අමතක කරමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බවත්, එසේ කටයුතු කළහොත් දෙවැනි වසංගත රැල්ලක් ඇතිවීමේ අවදානම ඉතා ඉහල බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.