ඉතාලියේ සිටින සියලු ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව රජයේ ප්රමුඛ කාර්යක් වි ඇති බවත් එ සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනිමට මෙම දුෂ්කර හා ආසිරු අවස්ථාවේදිත් තම රජය සියලු සැලසුම් සකස් කර ඇති බැවින් ජනතාවගේ වගකීම සෞඛ්‍ය මාර්ග උපදේශන ඔස්සේ කටයුතු කිරිම බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා ඊයේ (20) පැවසීය.
කොවිඩ් වසංගතය පාලනය කර ගැනිමට සියලු දෙනාගේ සාමූහික වගකීමක් තිබිය යුතු බවත් ඉතාලිය යුරෝපයේ අනෙක් රටවලට සාපේක්ෂව කොවිඩ් පාලනයේ යම් සාධනීය ස්ථානයක් තිබෙන්නේ එම සාමූහික වගකීමේ ප්‍රතිඵලයක් මත බැවින් එය ඉදිරියටත් රැකගෙන ඉදිරියට යාම සියලු දෙනාගේ වගකීමක් බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඊයේ (20) ඉතාලියේ PCR පරික්ෂණ 83,428 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1587 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ(20) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 15ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු