එක්සත් ජාතීන්ගේ සමස්ත සංවිධාන ව්‍යුහය ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීමට ඇප කැපවී සිටින බව එම සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් මොරටිනෝස් මහතා පවසා සිටියි.
මෙරට සංචාරයක නිරත නියෝජ්‍ය මහලේකම්වරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිය ශෝකය පලකරමින් මෙසේ පැවසූ බව අගමැති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබාදෙන බවට සහතික වී ඇති එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා මෙම දුෂ්කර අවස්ථාවේ සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සමග සිටින බවද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණ පුද්ගලිකවම අග්‍රාමාත්‍යවරයා හමුවී ශ්‍රී ලංකා රජය වෙත සිය කනගාටුව පල කරන ලෙස හා මෙම අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ව්‍යුහය ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීමට කැප වී සිටින බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තමන්ට දැනුම්දුන් බව නියෝජ්‍ය මහලේකම් මිගෙල් මොරටිනෝස් මහතා ප්‍රකාශ කර ඇත.