යාපනය අල්වායි ප්රදේශයේ අඹුසැමි ආරවුලකදී සැමියා විසින් බිරිඳට ගිනිතැබීමකදී බිරිඳ මියගොස් ඇති අතර සැමියා අත්අඩංගුව ගෙන ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
මීට දින 27කට පෙර මෙම ගිනිතැබීම සිදු කොට ඇති අතර දැඩි පිළිසුම් තුවාල සහිතව ප්රතිකාර ලබමින් සිටි බිරිඳ ඊයේ (31) දින මිය ගොස් ඇත.
බිරිඳට ගිනිතැබීම හේතුවෙන් පළමුව අත්අඩංගුවට ගත් සැමියා ඇපමත මුදා හැර ඇති අතර බිරිඳ ඊයේ (31) දින මියයාමත් සමග සැමියා නැවත අත්අඩංගුවට ගත් බවට නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.
පිලිස්සීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ අල්වායි උතුර ප්රදේශයේ පදිංචි 22 හැවිරිදි රූපිකා නැමති කාන්තාවක් බවට පරික්ෂණ සිදු කරන නෙල්ලිඅඩි පොලීසිය වැඩි දුරටත් පැවසීය.