සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අමුත්තන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණීමට ඉඩ සැලසීමට ඇමෙරිකාව සැලසුම් කර ඇති බව ධවල මන්දිරය පවසන බව විදෙස් වාර්තා පවසයි.
වොෂිංටනය කාලානුරූපව අදහස් කරන පියවරෙන් පියවර ප්රවේශයක් සකස් කරමින් සිටින බවත්, ඒ අනුව සෑම රටකින්ම ඇමෙරිකා එක්සත් ජනපදයට යන විදේශිකයන් සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට (එන්නත් මාත්රා දෙකම) ලබා සිටිය යුතු බවත් ධවල මන්දිර නිලධාරියෙක් පවසා තිබේ. එහිදී එන්නත් ලබාගත් නියමිත කාල වකවානුවක් සඳහන් වීමක් නොමැති බවද ඒ නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.