ජනතාව අතර දිළිඳුභාවය ඉහළයාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී තිබෙන අතර, සමෘද්ධිමත් මෙන්ම යහපත් රටක් ගොඩනැඟිමේ කාර්යයේදී මත්ද්‍රව්‍යවලට එරෙහි ප්‍රබල සටනක් අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.
ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ තමා මේ වනවිට කි‍්‍රයාත්මක කර තිබෙන බව පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයේ නව දෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා පැවසීය.
මේ අනුව පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුවේ පාසල් 04ක සිදු කෙරුණු සංවර්ධන කාර්යයන් සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමා අතින් සිදු විය. යුද හමුදාව මේ ස`දහා ශ්‍රම දායකත්වය දක්වා තිබේ.
සියලූ පහසුකම් සහිතව බැඳිවැව මහා විද්‍යාලයේ ඉදිකෙරුණු නව දෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 176කි.
එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වෙන් කෙරෙන මුදල් ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් නිසි ව්‍යාපෘති සඳහා යෙදවීමට කටයුතු නොකිරීම හේතුවෙන් තවමත් ග්‍රාමීය වශයෙන් විසඳි නොමැති සංවර්ධන ගැටලූ රැසක් පවතින බවයි.
ලබාදෙන ප්‍රතිපාදන ජනතාවගේ සංවර්ධන ගැටලූ විසඳිම සඳහා නිසි පරිදි ආයෝජනය කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීම බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ජනතා අවශ්‍යතා පිළිබඳ සොයා බලා ඒවා වාර්තා කිරීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ද අවධාරණය කළේය.
විදුහල්පතිනි කේ.ඒ. රේනුකා කලූගම්පිටිය මහත්මිය සහ ආචාර්ය මණ්ඩලය සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.