ප්රචණ්ඩත්වය ඇතුලත් වීඩියෝවක් සෑදීමට බාලවයස්කරුවෙකුට අනුබල දුන් බවට සැකපිට තරුණයෙක් පොලිසිය මගින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.
පසුගියදා සමාජ මාධ්‍ය වල සංසරණය වූ බාල වයස්කරුවෙකු විසින් ඉදිරිපත් කළ වීඩියෝවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළ විමර්ශනයකට අනුව අදාළ සැකකරු රත්නපුර,වේවැල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තරුණයා විසි එක් හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඡායාරූප ශිල්පියෙක් ලෙස හා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙසද කටයුතු කර තිබෙන බවද පොලීසිය පවසයි. මෙම පුද්ගලයා හා බාලවයස්කරු අතර සබඳතාවය ගොඩනැගී ඇත්තේද සමාජ මාධ්‍ය තුලින් බවටද පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත.
වේවැල්වත්ත පොලීසියේ බුද්ධි තොරතුරු ඒකකයේ සහාය ඇතිව අදාළ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම