ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
කොවිඩ්-19 වසංගතය අතරතුර ප්‍රංශ ජනතාව තුළ සමාජ දුරස්ථ පියවරයන් ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කරන වීඩියෝවක් සඳහා මිලියන 10කට අධික නැරඹුම් ලබාගැනීමට සමත් වුවහොත්, මිලියන 6.5ක් ඉක්මවූ ග්රාහක පිරිසකට හිමිකම් කියන යූටියුබ් තරු යුගලක් වන මැක්ෆ්ලයි සහ කාලිටෝ ප්‍රංශයේ එලිසී මන්දිරය වෙත පිළිගැනීමට ජනාධිපති එමානුවෙල් මැක්රොන් පසුගිය පෙබරවාරි මාසයේදී පොරොන්දු විය.
ඒ අනුව මෙම යූටියුබ් තරු යුගල ප්‍රංශය තුළ සමාජ දුරස්ථ පියවරයන් ගැන ජනතාව දැනුවත් කරමින් සිදුකළ ප්‍රවර්ධනය රැගත් වීඩියෝව නැරඹුම් මිලියන 10ක් ඉක්මවා යෑම නිසා ඔට්ටුව පැරදුණු ජනාධිපතිවරයා, ඔවුන්ට ජනාධිපති මන්දිරයට ආරාධනා කරමින්, මන්දිරයේ උද්‍යානය රොක් සංගීතයෙන්ද කලඹන්නට විය.
මැක්ෆ්ලයි සහ කාලිටෝ ඔට්ටුව දිනා ගැනීම නිසා ඔවුන්ට මිනිත්තු 36ක වීඩියෝවක් රූගත කිරීමට අවසර දෙන ලද අතර, එම වීඩියෝව ඊයේ (23දා) උදෑසන නිකුත් වී පැය කිහිපයක් ඇතුළත මිලියන සංඛ්‍යාත නැරඹුම් වාර සංඛ්‍යාවක් වාර්තා කර තිබුණි.
මෙම වීඩියෝවේ වැඩිම කාලය ජනාධිපති මන්දිරය තුළ ප්‍රංශ ජනාධිපති සහ යූටියුබ් තරු බොහොම සැහැල්ලු කතාබහක නිරත වන විනෝදකාමී අඩහෝරාවක් වූ අතර, එය අවසන් වන්නේ එලිසී උද්‍යානයේ ජනාධිපතිවරයා සමග ඔවුන් දෙදෙනා ඉතා සැහැල්ලුවෙන් ඇවිද යාමෙනි. අවසානයේදී රොක් සංගීත කණ්ඩායමක් වන අල්ට්රා වොමිට් විසින් හෙවි මෙට්ල් රොක් සංගීතයෙන් ඔවුන් මුසපත් කරන්නේ පෞද්ගලික කෙටි සංගීත ප්‍රසංගයක් ලෙසිනි.
මෙවැනි වැඩසටහනකට ජනාධිපතිවරයාම නැඹුරුවීම තුළ වසංගතය පාලනයේදී නව පරපුරද ඒ වෙත ඈඳා ගැනීමට ප්‍රංශ නායකයා වඩාත් ඥානාන්විත වී ඇති බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙන අතර, එය ජනාධිපතිවරයා වෙත තරුණ ඡන්දදායකයන් වඩාත් ආකර්ෂණය කළ අවස්ථාවක් බවද කියයි.
ප්‍රංශය තුළ කොවිඩ්-19 වසංගතය පාලනයේදීද වඩාත් සාර්ථක බවක් පෙන්වූ ජනාධිපති එමානුවෙන් මැක්රොන් මේ සමග ප්‍රංශයේ වයස අවුරුදු 18-24 වයස් කාණ්ඩ කාණ්ඩයේ ඔහු පිළිබඳ වූ ශ්‍රේණිගත කිරීම් මාසයක් තුළ ලකුණු 8කින් හෙවත්, 51%ක් දක්වා ඉහළ දමාගෙන ඇත. එමෙන්ම, සාමාන්‍ය අනුමත ශ්‍රේණිගත කිරීම 40%ක්, හෙවත් ලකුණු 3කින් ඉහළ දමාගෙන ඇති බවද 'ජර්නල් ඩු ඩිමන්චේ' විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මත විමසුම පෙන්වා දෙයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd