එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවාවන් සඳහා පොලිසියේ සහ ත්රිවිධ හමුදාවේ නිලධාරින් මුදා හැරීමේ දී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරන නිශ්කාෂණ ක්රියාවලිය ප්රමාදවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ අද (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ සියලු පාර්ශ්වයන් අතර අවබෝධයෙන් සහ සම්බන්ධීකරණයෙන් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට කඩිනම් පියවර ගත යුතු බවයි.
නියමිත කාලයට නිලධාරින් එම සේවාව සඳහා යොමු කිරීම ප්රමාදවීම හේතුවෙන් එම අවස්ථාව ශ්රී ලංකාවට අහිමිවන අතර එය රටේ ආර්ථිකයට මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්රී ලංකාව පිළිබඳ තබා ඇති විශ්වාසයට ද අහිතකර තත්ත්වයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.