ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කළ සිම් අංකය වෙනස් නොකර සේවා සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයාට අවස්ථාව ලබාදීමට ඩයලොග් සමාගම සිය කැමත්ත ප්‍රකාශ කර තිබේ.
මෙය මේ වනවිටත් ලෝකයේ වෙනත් රටවල පාරිභෝගිකයන් බහුලව භාවිත කරන පහසුකමක් වන අතර එය නව්‍යකරණය වූ විදුලි සංදේශ වෙළඳපොළක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් බව සමාගම සඳහන් කරයි.
මෙම Number Portability (NP) පහසුකම ඇතුළුව පාරිභෝගිකයාගේ තෝරාගැනීමේ නිදහසට බාධාවක්ව පවතින කරුණු මගහරවාගැනීම සඳහා සැලැස්මක් සකස් කිරීමට මූලිකත්වය ගතයුතු බවට ඩයලොග් සමාගම 2008 වසරේ ජූලි මාසයේ යෝජනා කළ බවත් එම සමාගම දැනුම් දෙයි.
පාරිභෝගිකයාගේ තෝරාගැනීමේ නිදහසට වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් විදුලි සංදේශ ක්ෂේත්රයේ අභිවෘද්ධියට හේතුවන බවත්, ඉන් ලැබෙන ප්රතිලාභ සමස්තයක් ලෙස සියලුම සේවා සම්පාදකයන්ට සහ පාරිභෝගිකයන්ට හිමිවන බවත් ඩයලොග් සමාගම පවසයි.