සභාපතිකම ඉල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රි පිරිසක් සමග උද්ඝෝෂණයේ
ගිවිසුම්ගත පරිදි ඉදිරි දෙවර්ෂය තමාට සභාපති තනතුරේ වැඩ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී ඉදුනිල් කෝරලගේ අද (21 ) පිරිසක් සමග ගාලු පාරේ රත්ගමදි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.
පසු ගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු මුල් දෙවර්ෂය වත්මන් සභාපති ටි.නිමල් මහතාට සභාපති ලෙස වැඩකිරීමටත් අනෙක් වර්ෂ දෙක තමාට සභාපති තනතුරේ වැඩ කිරීමට අවස්ථාව ලබාදෙන බවට සිය පක්ෂයෙන් ගිවිසුමක් ගසා ඇති බව මේ උද්ඝෝෂනයට එක්වී සිටින ප්‍රාදේශීය සභා මන්ත්රි් ඉදුනිල් කෝරලගේ පැවසීය.
මේ ගිවිසුම් ප්‍රකාරව ටි.නිමල් මහතාගේ සභාපති තනතුරේ කාලය ගෙවී කාලයක් ගතවි ඇතත් තමාට සභාපති තනතුර ලබා නොදීමට එරෙහිව මේ උද්ඝෝෂනය සිදු කරනු ලබන බවද කෝරලගේ වැඩිදුරටත් කීවේය.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත

popular news
-
rocky Tuesday, 22 September 2020 07:37 AM
me, nikaam oya minissunwa daalaa pikat koranne motada? satanata thaniyenma muhuna dunnaa nam iwarayine. kaduwak aran gihin wadak denna bariya nokawut wenna!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

