රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018-12-31 වන දින PS/PCMD/19/2018 අංක දරන එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු හා අධ්යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී සුදුසුකම් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තේ ය.
ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරණ එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න මහතා සහ අගමැතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු කටයුතු කරයි.
දැනට පත් කර තිබෙන සභාපතිවරුන්ගේ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් සුදුසුකම් බලා නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් දුන්නේ ය. එමෙන්ම මේ පිළිබඳව තමා ඉදිරියේ දී සියලූ අමාත්‍යවරුන්ට ද ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාක දී ය.