රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක ගෙවතු දස ලක්ෂයේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රතිලාභි පවුල් 58,850ක් තොරා ගැනිමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ අයේෂ් පෙරේරා මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ග්‍රාම සේවා වසම් 1177ක් තුළින් පවුල් 50ක් බැගින් තෝරා ගෙන ඔවුන් වෙත බීජ ලබාදිම සිදුකරයි.
තෝරාගත් පවුල් සඳහා පුහුණුව සහ දැනුවත් කිරිමේ කටයුතු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා සිදුකිරිමට නියමිත අතර ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වේ.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සමගාමිව පැවැත්වෙන මෙම වැඩසටහනේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නංවමින් නිරෝගි පරපුරක් බිහිකිරිමට අපේක්ෂා කරයි.
නාගරික ,අර්ධ නාගරික ,ග්‍රාමිය වශයෙන් රටපුරා විසිරි ඇති සියලුම ගෙවතු ඉලක්ක කර ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරිමට යෝජිතය.