කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් එවනලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2020 ඔක්තෝබර් මස 15දා වනවිට අනුමැතිය ලබාදී තිබේ.
සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුනම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රු.මිලියන 177,954ක් බව මහ බැංකුව පවසයි.
බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත්වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රු.මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වනවිට මුදාහැර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.