සබරගමුව සිසුවියන් 40කට සිසුන් 14කට පන්ති තහනම්
නවක වදය දීම සහ පරිපාලන කටයුතුවලට බාධාවන අන්දමින් ක්‍රියාකළ සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් හතර දෙනෙකුගේ පන්ති සතියක කාලයකට තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය 14දා කටයුතු කළේය.
ශිෂ්‍යාවන් හතළිස් දෙනෙකු සහ ශිෂ්‍යයින් දාහතර දෙනෙකු මෙසේ පන්ති තහනමට ලක්ව ඇත. පන්ති තහනම් කිරීමේ ලිපි 14දා සවස ඔවුන් අතට පත්ව ඇති බව මහා ශිෂ්‍ය සංගමයේ සබරගමු සරසවි ශාඛාවේ සභාපති නිස්සංක ගමගේ ශිෂ්‍යයා පැවසීය.
මහා ශිෂ්‍ය සංගමයේ සබරගමු සරසවි ශාඛාවේ සභාපති නිස්සංක ගමගේ ශිෂ්‍යයා පැවසුවේ පන්ති තහනමට දක්වා ඇති හේතු අසත්‍ය බවයි. නවක සිසු සිසුවියන් හඳුනා ගැනීමක් කළා මිස නවක වදය දීමක් නොකළ බව ද ඔහු කීවේය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් මැඬලමින් ඔවුන් එකතුවී සංවිධානය වීම වැළැක්වීමේ ආණ්ඩුවේ උවමනාව පදනම් කරගෙන පරිපාලනය බාධා කළ බවට අසත්‍ය චෝදනා නගරන බව ද ඔහු කීවේය.
අජිතලාල් ශාන්ත උදය

popular news
-
ටි ඉන්දික Monday, 18 February 2019 09:34 AM
ආණ්ඩුවේම සල්ලි වියදම් කරලා.. ඒ වත් විනාශ කරලා, දෙමවුපියන්ගේ සල්ලිත් විදයම් කරනා..එන් උන්ටත් ඉන්න නේනේ නැති වසලයෝ දැන් කියනවා..හදුන්වා ගැනීමක් කියලා..තොපිලා හදුනා ගන්නවා කියලා කරන්නේ තරිසන් වැඩ..ආණ්ඩුවනේ යකෝ බදු මුදල් වියම් කරන්නේ තොපිට ඉගෙන ගන්න..හරියට ඉගෙන ගනියව්කෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
