සබරගමු පළාත තුල 29දා වනවිට කේවිඞ් 19 ආසාදිතයන් 82ක් වාර්තා වී ඇති බව පැවසූ සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 4393ක් නිරෝධායනයට ලක්කර ඇති බව ද සඳහන් කළේය.
සබරගමු පළාතෙන් වාර්තාවූ කෝවිඩු 19 ආසාදිතයන් මෙන්ම පිට පළාත්වලින් හමුවු ආසාදිතයන් ඇතුලු ආසාදිතයන් 380ක් පළාතේ පිහිටවූ මධ්‍යස්ථාන හතරක නේවාසිකව ප්‍රතිකාර සඳහා නවත්වා ඇති බව ද පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා කීවේය.
රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව 29දා පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී රැස්වු අවසුථාවේ පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා මේ බව සඳහන් කළේය.
සබරගමු පළාතෙන් හමුවූ ආසාදිතයන්ගෙන් 48ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වු බව කී පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා රත්නපුර දිස්ත්‍රික්කයෙන් 34ක් වාර්තා වු බව කීවේය. රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති පිරිස 2000කි. කෑගල්ල දිස්ත්‍රික්කයේ එය 2393කි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන රෝහලේ 72කට සහ උඳුගොඩ රෝහලේ 62ක් කෝවිඞ් 19 ආසාදිතයන් ප්‍රතිකාර ගනු ලබයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඞ් 19 ආසාදිතයන් සඳහා මධ්‍යස්ථාන දෙකක ප්‍රතිකාර කරනු ලබයි. ඉන් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධ ජාතික මධ්‍යස්ථානයේ 168ක් ද කහවත්තේ පිහිටි රුවන්පුර විද්‍යාපීඨයේ 78 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ගනු ලබයි.
අජිත්ලාල් ශාන්ත උදය