අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් 21 දෙනෙකුගේ පන්ති තහනම සහ හතර දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරිමට බලධාරීන් ගෙන තිබූ තීරණයට විරෝධය දැක්වීමක් පිණිස මෙම විරෝධතාව පැවැත්විණි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තුන් දහසක් පමණ දෙනා ඊයේ දහවල් විශ්ව විද්‍යාල දොරටුව අභිසය සිට බලූල්ල කොළඹ ප්‍රධාන පාරේ පඹහින්න හන්දිය දක්වා පැමිණ පැවැත්වූ විරෝධතාව හේතුවෙන් පැයක පමණ කාලයක් පඹහින්න හන්දිය හරහා වාහන ගමනාගමනයට බාධා එල්ල විය.
සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු සහ බැනර ද ප්‍රදර්ශනය කරමින් පැයකට වැඩි කාලයක් මෙම විරෝධතාව පැවැත්විණි. සබරගමු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එය සංවිධානය කරනු ලැබීය.