සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අද (31දා) දහවල් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ, පඹහින්න මංසන්ධියේ පැයක කාලයක් නිහඬ විරෝධතාවක නිරත වූහ.
රජරට සරසවියේ වසා ඇති පීඨ විවෘත කරන ලෙස සහ පන්ති තහනම් කර ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවේ නිරතවිනි.
විරෝධතාවට එක්ව සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කළු ඇඳුමින් සැරසී සිටි අතර, ඔවුන් කළු පටිවලින් ඔවුන්ගේ මුව ආවරණය කරගෙන සිටියහ.
විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ ලියූ පුවරු අතතැතිව විරෝධතාවේ නිතර සිටි අතර, රථවාහන ගමනාගමනයට බාධාවක් විරෝධතාවෙන් කිසිදු බධාවක් නොවීය.
රජරට විශ්වවිද්‍යාලයේ වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදය කඩිනමින් විසඳීමට බලධාරීන් අපොහොසත් වුණොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විරෝධතාව සංවිධානය කළ සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිස්සංක ගමගේ මහතා පැවසීය.
එසේම රජරට විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට සහාය පතා රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (31දා) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.
එහිදී විරෝධතාකරුවෝ පවසා සිටියේ, රජරට සරසවිය වසා දමා සිසුන්ට අධ්‍යාපනය සිදු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, එය අසාධාරණ ක්‍රියාවක් බැවින් එමගින් සිසුන්ගේ නිදහස් අධ්‍යාපනය කප්පාදු වීමක් සිදුවෙන බවත්ය.
අජිත්ලාල් ශාන්තඋදය/ මාතර - මහේෂ් මලවර ආරච්චි