අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 23 වැනිදා සිට ජනවාරි පළමුවැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් 84ක ඇගයීම මණ්ඩල එක්දහස් හත්සිය අසූවක් තුළ මෙම ඇගයීම කටයුතු සිදුවන අතර, ඒ සඳහා පරීක්ෂකවරුන් තිස් දහසක් යෙදවීමට නියමිතය.
මේ මස 03 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැති සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් හයලක්ෂ පනස් හයදහස් හයසිය හතළිස් එකක් පෙනී සිට ඇති අතර, මේම පිරිසෙන් 422,850ක් පාසල් අයදුම්කරුවෝ වෙති.