විශේෂයෙන් ඉන්දියාවේ එන්නත් අපනයනය සීමා කර ඇති පසුබිමක, මිලියන 40කට ආසන්න කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මේ වනවිටත් කොවැක්ස් පහසුකම හරහා බෙදා හැර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් කොවැක්ස්, සඳුදා වනවිට මාත්‍රාවන් මිලියන 38.7කට වඩා බෙදා හැර තිබුණි.
මේ සතිය අවසානයේදී මාත්‍රා මිලියන 40 ඉක්මවා යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාධ්‍ය හමුවකදී පැවසීය.
කෙසේ වෙතත්, කොවැක්ස් පහසුකම සඳහා එන්නත් ලබා ගැනීමේදී විශාල දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවද පැවසු ඔහු, විශේෂයෙන් ඉන්දියාවේ සේරම් ආයතනය, පහසුකමේ ප්‍රධාන නිෂ්පාදකයින්ගෙන් අයෙකු වීම මෙම අර්බුදයට මූලික වී තිබේ.