නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිමට අවස්ථාවක් නොදෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“පැහැදිලිව කියනවා අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න දේනනේ නෑ. ජනපතිතුමාට පොරොන්දු වුණත්19 වැනි සංශෝධනය ගේනවා ඉන් පස්සේ 20 වැනි සංශෝධනය ගේනවා කිව්වා. එහෙම වුණේ නෑ. 19 සංශෝධනය වෙනස් කරලා රටට සංශෝධනයක් ගේනවා. අපි ගිය ආණ්ඩුවේ තුනෙන් දෙක නැතිකරලා තියෙනවා. අපි ඒ අවස්ථාව දෙන්නේ 19 වැනි සංශෝධනයේ තිබෙන ඒවා අයින් කරලා 20 වැනි සංශෝධනයක් ගේනවානම්.
මාස 8යි තියෙන්නේ. සැප්තැම්බර් මාසයට කලින් ජනපතිවරණය ප්‍රකාශයට පත්කරන්න ඕන. ගෝල්ෆේස් එකට සෙනග ආවානම් මැතිවරණයකට යමු. අපිට අවශ්‍යෙවලා තිබෙන්නේ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන්නයි.”