ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා තිබෙනවා.
ඒ අනුව මේ වනවිට එම එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 10,453 දෙනෙකු සදහා ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
ඉන් පුද්ගලයින් 14,301 දෙනෙකු සදහා ස්පුට්නික් එන්නතේ 2 වන මාත්‍රාව ද ලබාදී තිබෙනවා. ඊයේ දිනයේදී ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 14,983 ක්.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 14 ලක්ෂ 37,112 දෙනෙකු සදහා ලබාදී ඇති අතර ඉන් හාර ලක්ෂ 42,657 දෙනෙකු සදහා එහි දෙවන මාත්‍රාව ද ලබාදී තිබෙනවා.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට මෙරට පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙනෙකු සදහා ලබාදී ඇති අතර ඊයේ දිනයේදී එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 252 දෙනෙකු සදහා ලබාදී තිබෙනවා.
ඒ අනුව මේ දක්වා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 72,158 ක්. ඒ අනුව මේ වනවිට මෙරට පුද්ගලයින් 24 ලක්ෂ 72,807 දෙනෙකු සදහා කුමන හෝ එන්නතක් පළමු මාත්‍රාව ලෙස ලබාදී තිබෙනවා.