එක්සත් ජනපදයට පසුව ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන ස්පාඤ්ඤයේ මේ වනවිට ආසාදිතයන් 184,948ක් වාර්තා වෙයි.
එමෙන්ම එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 19,315ක් බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි. සුවය ලැබූවන් 74,797කි.
තෙවනුවට වැඩිම ආසාදිතයන් වර්තා වන ඉතාලියෙන් ආසාදිතයන 168,941ක් වාර්තා වන අතර, කොරෝනා මරණවලින් දෙවැනියට වැඩිම වාර්තා වන රට ලෙස එරටින් මරණ 22,170ක් වාර්තා වෙයි. සුවය ලැබූවන් 40,164කි.
ප්‍රංශයේද ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දැකිය හැකි අතර, එරට ආසාදිතයන් සංඛ්‍යාව 147,091ක් ලෙස සිව්වැනි තැන ගන්නා අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 17,941කි. සුවය ලැබූවන් 33,327කි.
පස්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ජර්මනියෙනි. එරටින් ආසාදිතයන් 137,698ක් වාර්තා වන නමුත්, මරණ වාර්තා වන්නේ 4,052ක් පමණි. සුවය ලැබූවන් 77,000කි.
හයවනුව මහා බ්‍රිතාන්‍යයේ ආසාදිතයන් 100,000 ඉක්මවමින් 104,145ක් ලෙස වාර්තා වන අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 13,759කි. සුවය ලැබූවන් 375කි.