ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බව කියයි.
නගරාධිපතිනිය කියා සිටියේ මේ වනවිටත් බොහෝ පිරිසක් වෛරසය ආසාදනය වීමේ ලකුණු පෙන්වන අතර, වහා අනතුරට පත්විය හැකි 15%ක පමණ ජනතාවට මෙය දැඩි ගැටලුකාරී තත්ත්වයක් විය හැකි බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ වෛරසය ආසාදනය වූ වයස්ගත හෝ වහා අනතුරට භාජනය විය හැකි සෞඛ්‍ය තත්ත්වයක පත්වන අයෙකුට මෙම වෛරසය ඇසාදනය වී පැය 24ක් හෝ 48ක් තුළ ජීවිත හානියක් සිදුවිය හැකි බවයි.
කෙසේ වෙතත් මේ දක්වා ස්පාඤ්ඤය තුළ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සිදුව ඇති ජීවිත හානි 767ක් වාර්තා වන බව ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහිදී පසුගිය දිනක කාලය තුළ මියගිය සංඛ්‍යාව 20%ක ඉහළ යාමක් පෙන්වන බව පවසන ඔවුන්, මේ වනවිට රට තුළ සමස්ත ආසාදිතයන් 17,147ක් වාර්තා වන බවත්, 939 දෙනෙකු දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.