ස්පාඤ්ඤයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 4,089 ක් මියගොස් ඇති අතර, ආසාදිතයන් 56,188ක් මේ වනවිට රට තුළ වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ගෙවීගිය පැය 24 තුළ මරණ සංඛ්‍යාව 655ක් ලෙස ඉහළ යාම, ඊට පෙර දිනයේ වාර්තා කළ 738ක් වූ මරණ සංඛ්‍යාවට වඩා අඩුවීම යම් සැනසිලිදායක තත්ත්වයකි.
නව කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතර මේ වනවිට ස්පාඤ්ඤය දෙවැනි ස්ථානයේ පසුවන අතර, ඔවුන් ඉක්මවා ඇත්තේ ඉතාලිය පමණි.
වෛසරයේ පැතිරීම ආරම්භ වූ චීනයේ මරණ සංඛ්‍යාව මේ වනවිට ඉතාලිය දෙගුණයකින් අභිභවා ගොස් ඇති අතර, ස්පාඤ්ඤයද එය අභිභවා ගොසිනි.
පසුගිය මාර්තු 13දා ස්පාඤ්ඤය වසා දමා හදිසි තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත්කළ අතර, එය මුලින් 15කට සීමා වුවත්, අගමැති පේද්රෝ සැන්චෙස් එය තවත් සති දෙකකින් දීර්ඝ කළේය. එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ස්පාඤ්ඤය තවමත් මෙහි උපරිම අවස්ථාවට තවමත් ළඟාවී නොමැති බවයි.
ඒ අනුව ඉදිරි දිනවලදී ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යනු ඇති බව ඔවුන්ගේ පුරෝකථනය වී ඇත.
මේ අතර ස්පාඤ්ඤයේ කොවිඩ්-19 බවට ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වූවන් අතර, නියෝජ්‍ය අගමැතිනී කාමන් කැල්වෝද සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් තිබුණි. කෙසේ වෙතත් ඇය නිරෝධායනය යටතේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවද එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.
ස්පාඤ්ඤය වෙත චීනයෙන් ඇ.ඩො.මිලියන 467ක් වටිනා මුඛ ආවරණ, පරීක්ෂණ කට්ටල, අත්වැසුම් සහ ශ්වසන යන්ත්‍ර මිලදී ගැනීමට රජය එකඟ වී ඇති අතර, එය මේ සතිය අග සිට සතිපතා නැව්ගත කිරීම ආරම්භ කරන බවද වාර්තා වෙයි.
මේ අතර ස්පාඤ්ඤය ජාත්‍යන්තර මානුෂීය ආධාර ඉල්ලමින් නේටෝවට ආයාචනයක්ද කර ඇති අතර, වෛද්‍ය හා එම ආරක්ෂිත පහසුකම්ද ඉල්ලා තිබේ.