ස්පාඤ්ඤයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ 25,100 දක්වා ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
එරට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 216,000ක් වන අතර, එය ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන රාජ්‍යයයි.
කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ මේ වනවිට වෛරසය ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 117,248ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම වෛරසය වේගයෙන් පැතිර යන රාජ්‍යයන් බවට බ්‍රසීලය සහ රුසියාව පත්ව ඇති අතර, බ්‍රසීලය ආසාදිතයන් 100,000 සීමාවට පැමිණෙන විට, රුසියාවේ ආසාදිතයන් 125,000 සීමාවට පැමිණ තිබේ.
එමෙන්ම ගෙවීගිය පැය 24ක කාලය තුළ බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 421ක් වාර්තා වන අතර, මේ දක්වා එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 6,761ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ 97,100ක් ලෙසිනි. සුවය ලැබූවන් 40,937කි.
රුසියාවේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 124,054ක් ලෙස වාර්තා වන අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 1,222කි. වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 15,013 දෙනෙකු රුසියාවෙන් වාර්තා වෙයි.