ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන ස්පාඤ්ඤයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට මරණ සංඛ්‍යාව 20,002ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 190,839කි.
කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ ආසාදිතයන් මෙන්ම මරණවලට සාපේක්ෂව එරට තුළ වෛරසය ආසාදනය වී රෝහල්ගතව සුවය ලබන්නන්ගේද ඉහළ ප්‍රතිශතයක් දැකිය හැකි අතර, එය වාර්තා වන්නේ 74,797ක් ලෙසිනි.
මේ අතර, තෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන ඉතාලියෙන් මේ වනවිට ආසාදිතයන් 172,434ක් වාර්තා වන අතර, එරටින් මරණ 22,745ක් වාර්තා වෙයි. ඉතාලියේ සුවය ලැබූවන් ස්පාඤ්ඤයට සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර එය 42,727කි.
සිව්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන රාජ්‍යය ප්‍රංශය වන අතර එරට ආසාදිතයන් 150,000 සීමාවට පැමිණ තිබේ. ප්‍රංශයේ සමස්ත කොවිඩ්-19 මරණ 18,703ක් වන අතර, සුවය ලැබූවන් 35,006කි.
පස්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ජර්මනියෙනි. එම අගය 141,397කි. කෙසේ වෙතත් සෙසු රටවලට සාපේක්ෂව ආසාදිතයන් ඉහළ ගියද ජර්මනියේ මරණ අනුපාතය පහළ අගයක් ගන්නා අතර, එය 4,352කි. එමෙන්ම රෝහල්ගතව සුවය ලැබූවන්ගේ ප්‍රතිශතයද ජර්මනිය තුළ ඉහළ වන අතර, සමස්ත සුවය ලැබූවන් සංඛ්‍යාව 83,114කි.
මහා බ්‍රිතාන්‍ය හයවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන රට ලෙස ආසාදිතයන් 109,769ක් වාර්තා කරයි. එමෙන්ම එරට තුළ සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 14,607ක් තරම් ආසාදිතයන්ට සාපේක්ෂව ඉහළ අගයකි. එසේම රෝහල්ගතව සුවය ලැබූවන්ගේ ප්‍රතිශතයද මහා බ්‍රිතාන්‍යයේ පහළ අගයක් ගන්නා අතර, සමස්ත සුවය ලැබූවන් 394 දෙනෙකු පමණි.