රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු සඳහා එළඹෙන සඳුදා දිනයේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කෙරුණ ද එදිනට සුරාසල් විවෘත කිරීමක් සිදු නොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම මහතා පවසයි.
මීට පෙර ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවල දී සුරාසැල් විවෘත කිරීමට රජය පියවර ගත්ත ද එහිදී ජනතාව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිනොපැදීම මත සුරාසැල් වසා තැබීමට රජය පියවර ගත්තේය.
ජන ජිවිතය යථා තත්ත්වයට පත් වන තෙක් සුරාසැල් විවෘත කිරිමට රජය කිසිදු තිරණයක් නොගත් බවත් කොමසාරිස් මහතා වැඩිදුරටත් පැවසීය.