චීනය පාෂාණ සාම්පල සඳෙන් ලබාගැනීමට සඳහා ලොව වසර 40කට පසුව ප්‍රථම වරට සිදුකරන සුවිශේෂී මෙහෙයුම දියත් කිරීම සාර්ථකව සිදුව තිබේ.
ඒ අනුව චැං -5 රොබෝ අභ්‍යවකාශ රෝවරය රැගත් ලෝන්ග් මාච් 5 රොකට්ටුව දේශීය වේලාවෙන් අඟහරුවාදා අලුයම වෙන්චැං හි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණයෙන් දියත් වූ අතර, එය දෙසැම්බර් මැද භාගයේදී නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබේ.
මේ ආකාරයෙන් විශ්ලේෂණය සඳහා ඇමෙරිකානුවන් සහ සෝවියට්වරු චන්ද්‍ර පාෂාණ ගෙනැවිත් මේ වනවිට වසර 40ක් පමණ වන අතර, ඉන් පසුව කිසිදු රටක් මෙවැනි මෙහෙයුමක් සිදුකර නැත.
අතිශය සංකීර්ණ ප්රයත්නයක් වන මෙම ජයග්‍රහණය අත්කර ගත් තුන්වැනි රට වීම චීනයේ අරමුණ වී තිබේ.
මෙහෙයුම අවසානයේ නැවත පෘථිවි වායුගෝලය වෙත පැමිණීම බහු පියවර ක්‍රියාවලියක් වන අතර, එහිදී වායුගෝලයට වේගයෙන් හා ඒ අවස්ථාවේදී ඇතිවන උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා කැප්සියුලයක් භාවිත කරන බව කියයි.