සන්ඩේ ඔබ්සේවර් හිටපු කර්තෘ දරීෂාගේ ලැප්ටොප් පරිගණකය CID භාරයට
සන්ඩේ ඔබ්සේවර් පත්‍රයේ හිටපු කර්තෘ දරීෂා බැස්ටියන් මහත්මියගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
මේ බව ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ.
පසුගිය මැයි 29 දා ජුනි 04 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ්නතු නිලධාරීන් කොළඹ පිහිටි තම නිවසට පැමිණ තම පුද්ගලික ලැප්ටොප් පරිගණකය අධිකරණ වරෙන්තුවක් නොමැතිව සිය භාරයට ගැනීමට උත්සාහ කළත් එයට විරෝධය දැක්වූ බව ඇය සඳහන් කරයි.
කෙසේ වෙතත් පසුගිය 9 දා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සෝදිසි වරෙන්තුවක් රැගෙන තම නිවසට පැමිණ තම පුද්ගලික පරිගණකය ඔවුන්ගේ භාරයට ගත් බව ඇය සඳහන් කරයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගැනිමට ලක්වූ බව කියන සිදුවීමටඅදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුතව සිදුකරන විමර්ශනවලට අදාළව තම නමද සම්බන්ධ වී ඇති බව පෙන්වා දෙන බැස්ටියන් මහත්මිය ඕනෑම විමර්ශනයකට තම සහාය ලබාදෙන බවද පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

