බෝගම්බර බන්ධනාගාරයේ සිරගතව සිටින තම පුත්රයා හට ලබාදිම සදහා සුක්ෂම ලෙස සිනි වලට කලවම් කර ලද හොරොයින් ගෙනයමින් සිටි කාන්තාවක් පල්ලෙකැළේ පොලිසිය විසින් අද (02) දින අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර සුදුහුම් පොළ ප්රදේශයේ පදිංචි අවුරුදු හැට අටක් පමණ කාන්තාවක් වන ඇය විසින් සිනි වල සුක්ෂම ලෙස හොරොයින් දමා ඇති අතර මේ සම්බන්ධව නිරික්ෂණය කල බොගම්බර බන්ධනාගාර නිලධාරින් පරික්ෂා කරනු ලබන අවස්ථාවේදි සැකකාර පාර්සලය හමුවි ඇති බවත් ඉන් අනතුරුව එම කාන්තාව මහනුවර පල්ලෙකැලේ පොලිසියට භාර දුන් බවද පොලිසිය පැවැසිය.
පොලිසිය අදාල කාන්තාවගෙන් රැදවුම් නියෝග යටතේ රදවාගෙන දැනට ප්රශ්න කරමින් ඉදිරි විමර්ශන සිදුකරණු ලබන බව පොලිසිය පවසයි.