කොලොම්බියාව විසින් මිලදී ගත් චීනයේ සිනොවැක් කොවිඩ්-19 මර්දන එන්නතෙහි නව තොගයක් එරට අගනුවර බොගෝටා වෙත පැමිණ තිබේ.
මෙම එන්නත ප්රධාන වශයෙන් ඔවුන්ගේ දෙවැනි මාත්රාව බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායම්වලට ලබාදෙනු ඇත.
කොලොම්බියාව පෙබරවාරි මාසයේ දී චීන නිෂ්පාදිත එන්නත හදිසි භාවිතයට අවසර දුන් අතරථ, පළමු එන්නත් තොගය පෙබරවාරි 20 වැන දින ලබා ගත්තේය.
මේ අතර, මැලේසියාව ඊයේ (12දා) කියා සිටියේ තම වැඩිහිටි ජනගහනයට චීනයේ සීනොවැක් එන්නත් මාත්රාව සමග එන්නත් කිරීම එලැඹෙන සතියේ සිට ආරම්භ කරන බවයි. ඒ අනුව එරට ජාතික ප්රතිශක්තිකරණ වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ වේ.