චීන සමාගමක් වන සීනොවැක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොරෝනාවැක් එන්නත් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් චිලී රජයට ලැබී ඇති අතර එය හෙට (03දා) ආරම්භ කිරීමට නියමිත චිලියේ මහා එන්නත්කරණ ව්‍යාපාරයට යොදාගැනීමට නියමිතව තිබේ.
චිලී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය පෝලා ඩසා මාධ්‍ය හමුවකදී කියා සිටියේ සීනොවැක් හි කොරෝනාවැක් එන්නත් තොග දෙකක් මේ වනවිට ලැබී ඇති බවත්, ඒවායින් පෙබරවාරි මාසයේදී මිලියන හතරක පමණ ජනතාවකට එන්නත ලබාදීමට අවස්ථාව ලැබෙන බවත්ය.
"නාගරික නියෝජිතයන් සමග මෙම ක්ෂේත්රයේ එන්නත් ලබා ගැනීම සඳහා වැඩ සහ සැපයුම් සිදු කෙරෙමින් පවතිනවා" නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
චීන එන්නත දෙවැනි වරට නැව්ගත කිරීමෙන් පසු චිලී ජනාධිපති සෙබස්තියන් පිනෙරා ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ, දැඩි අවදානම් කණ්ඩායම්වලට එන්නත ලබාදෙමින් ආරම්භ වන මහා එන්නත්කරණ වැඩපිළිවෙළ බදාදා සිට ආරම්භ කරන බවයි.