සුනාමියෙන් ව්‍යයසනය දා වයස පහේදී අතුරුදහන්වු අක්රම් රිස්කාන් යන තරුණයා වයස 21 සම්පුර්ණවී මාලිහයිකාඩුහි පදිංචි අබුසාලිහ් සිත්ති කමාලියා වන තම මව සොයා පැමිණි සිද්ධියක් ඊයේ වාර්තා වුණි.
කාරතීවු ප්‍රාදේශීය ලේකම් පරිපාලන යටතේ ඇති මාලිහයිකාඩු නැගෙනහිර පදිංචිව සිටින අබූසාලි සිත්ති කමාලියා යන මවගේ එකම පුතුනුවන් වන අක්රම් රිස්කාන්ව සුනාමි රළපහරේදී අතහැර දමා දීර්ඝ කාලයක් කල දෙයක් නොමැතිව තමන්ගේ ශක්ති ප්‍රමාණය ඉක්මවා උත්සාහයන් දරමින් අද පුතුනුවන්ව සොයාගැනිමේ සතුට භුක්ති විදීමින් කතාකරයි.
අශ්රෆ් අනුස්මරණ රෝහලේ සේවිකාවක් වන මා රාජකාරියට වාර්තාකර සිටියෙමි. එදින අතුරුදහන්වු වයස 5ක පුතා අද මා ළගට පැමිණීම ඉමහත් සතුටට පත්වෙමි.
මාගේ පුතුනුවන් ජීවත්ව සිටින බවට යම් පිරිස් පැවසුවත් මා විශ්වාස කළේ ඔහු ජීවතුන් අතර නොමැති බවටය.
එහෙත් මා වසර 16ක් මාගේ උත්සාහය අත් නොහැරිමින් සටන් කල මා ජයග්‍රහණය කර ඇත්තෙමි.සුනාමි රළපහරට හසුවී දවස් තුනකට පසු මාගේ සොයුරියගේ ස්වාමිපුරුෂයාවන විශ්‍රාමලත් ප්‍රාදේශීය ලේකම්ට පුද්ගලයෙකු පැමිණ මාගේ පුතුනුවන් රෝහලේ සිටින බවට පවසා ඇත.
අප එම ස්ථානයට ගොස් බැලුවිට මාගේ පුතුනුවන්ව කවුරුන්දෝ කැඳවා ගොස් ඇති බව දැන ගත්තෙමු. අප රැවටුනෙමු . මා කවුරුන් හරි මුණ ගැසුවිට මාගේ පුතාගේ ඡායාරූපය පෙන්වා විස්තර පවසමි. මාගේ පුතා කොහේ හරි සිටින බවට තොරතුරක් ලැබුණු විගස එහි ගොස් සෙවිම මාගේ පුරුද්දක් විය.