ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හා හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික) අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීමට විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා කටයුතු කළේය.
නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේ රෝහලක ශල්‍යකර්ම තුනකට මුහුණ දී තවත් ශල්‍යකර්ම දෙකකට මුහුණ දීම වෙනුවෙන් ප්‍රතිකාර ලබන බවට එම රෝහල මගින් ලබාදුන් ලිපියක් පිළිගත් මහාධිකරණ විනිසුරු ඔහුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීය.
පාලිත ප්‍රනාන්දු මහතා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් කර ඇති බවත් ඔහු මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවටත් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඔහුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීය.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි අපකරුවන්ට විදෙස් ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයිද නියම කළේය.