විධායක ජනපතිධූරය අහෝසි කිරීමට අදාළව ගෙන එන යෝජනාවකට තමන්ට විරුද්ධ වීමට හැකියාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා සඳහන් කරයි. අද (19දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇති බවත් විධායක ජනපතිධූරය අහෝසි කිරිම මගින් රට අස්ථාවර වන බවට පවසන ප්‍රකාශ සඳහා තමන් එකඟ නොවන බවත් ඔහු ප්‍රකාශ කරයි.
චන්ද්‍රසිරි ගජධීර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජය කරයි.