දරිද්‍රතාවයෙන් තොර, පොදු සංවර්ධනයක් භුක්ති විඳින සුන්දර ලෝකයක් ගොඩනැගීම සඳහා චීනය ලෝකයේ වෙනත් රටවල් සමග කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.
G20 රියාද් සමුළුවේ දෙවැනි සැසිවාරයට බීජිං නුවර සිට වීඩියෝ සබැඳියක් හරහා සහභාගී වෙමින් චීන නායකයා මෙම ප්‍රකාශය කළේය.
සංවර්ධනය වෙමින් පවතින රටවලට ස්වාධීනව සිය දරිද්‍රතාව අවම කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ දරිද්‍රතා ගැටලු විසඳීම සඳහා ප්‍රධාන යතුර වන්නේ සංවර්ධනය බවත්, ඒ වෙනුවෙන් සංවර්ධනය වන රටවලට සහාය ලබාදෙන ලෙසත් ෂී ජින්පිං අවධාරණය කළේය.
මීට පෙර, G20 සමුළු සැසියකදී චීන නායකයා විසින්, දේශගුණය සහ අනෙකුත් පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම සහ පෘථිවිය ආරක්ෂා කිරීම සඳහා G20 රාජ්‍යයන් වෙතින් ඒකාබද්ධ උත්සාහයක් ඉල්ලා සිටියේය.
මෙවර G20 සමුළුව සෞදි අරාබියේ සත්කාරකත්වය යටතේ පැවතුණත්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය අතථ්‍ය සමුළුවක් ලෙස සංවිධානය විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයීසස් විසින් කොවිඩ්-19 එන්නත් ලොව පුරා සාධාරණව බෙදාහැරීමක් G20 රටවල රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටි අතර, එහිදී බහුතරයක් රාජ්‍යයන් ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස ඊට සහාය දක්වා තිබුණි.