"සේනා" දළඹුවන් නිසා හානි සිදුවූ ගොවිතැන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පැවසීය.
මේ වනවිට සිදුව ඇති වගා හානි පිළිබඳව සහ පීඩාවට පත්ව ඇති ගොවීන් පිළිබඳව තොරතුරු රැස්කර වාර්තාවක් ලබා දෙන ලෙස සියලු අංශ වලට දැනුම්වත් කර තිබේ. අනුරාධපුර, අම්පාර, කුරුණෑගල දිස්ත්‍රික්ක වල ගොවිතැන් වල අස්වැන්නට සේනා දළඹුවාගෙන් වැඩි හානි සිදුව ඇති බවත්, තවත් දිස්ත්‍රික්ක කිහිපයක මද වශයෙන් සේනා දළඹු හානිය පැතිර ගොස් ඇති බව පැවසීය.
රක්ෂණ වැඩපිළිවෙළ යටතේ ඒ සඳහා වන්දි මුදල් වගා හානි සඳහා ලබාදීමට අවධානය යොමුව ඇත. තවදුරටත් ඒ සඳහා යම් ගෙවීමක් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව පැවසීය.
සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය තාක්ෂණ දැනුම ලබා දීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය කැමැත්ත පළකර ඇති බවත්, හෙක්ටයාර 50,000ක් වැනි බඩඉරිඟු වගාවෙන් 04% -05% අතර හානියක් සිදුව ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
අනුර ප්‍රියන්ත